2017 නොවැම්බර් 04 වන සෙනසුරාදා

සැර අවවාදයක්

 2017 නොවැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 593

අලි පාටියෙ ලොකු මහත්තයා පහුගියදාක පක්ෂයෙ ඉහළම පට්ටමක් දරන කොළඹ දිසාවෙ එක්තරා ලොක්කකුට සැර අවවාදයක් දුන්නා කියලා ආරංචියක් ලැබුණා.

ඒකට හේතුව පක්ෂයෙ පසුපෙළ කස්ටියගෙන් සමහරු තෝරාගෙන විටින් විට උන්නැහේලට රාත්‍රී භෝජන සංග්‍රහ පැවැත්වීම කියලයි තතු දත් අය කියන්නෙ.

පසුගිය කාලෙ “හිරු” වගේ දැන් සේරම තාන්න මාන්න අහිමිවෙලා ඉන්න මුන්නැහේ පක්ෂයෙ ලොකු තැන රට ගිය කාලෙ තරුණ මන්තිරිලා කස්ටියකට රුහුණ පළාතෙ හෝටලේක වැඩමුළුවක් තැබීම ගැනත් පක්ෂයෙ ඉහළ තැන්වල සතුටක් තිබුණෙ නැතිලු.

අන්තිමේදි මේ වැඩපිළිවෙළ දුරදිග ගෙනියන්නෙ වෙන අරමුණකින් බව ලොකු තැන්වලට දැනිලා.

ඊටපස්සෙ මේ දේශපාලු උන්නැහේ කැඳවලා නැවත ඒව නොකරන්න සැර භාෂාවෙන් ගෝරියක් දැම්ම බවයි ආරංචි.