2017 නොවැම්බර් 04 වන සෙනසුරාදා

කොලණියට ගෝරි

 2017 නොවැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 416

ආණ්ඩුවෙ එක්තරා ඇමැති සයිස් මහත්තයෙක් මන්නාරම් පැත්තෙ පිටරටවල් ගණනාවක නමින් කොලණි හදනවා කියලා උතුරු සන්ධානෙ මන්තිරිවරු කොක්කක් දාන්නලු යන්නෙ.

පහුගියදාක දියවන්නා කවුන්සිලේ ලොබියෙදි මේ ගැන ආණ්ඩුවෙයි විපක්ෂයෙයි මන්තිරි කස්ටිය එක්ක උතුරු සන්ධානෙ මන්තිරිල ලොකු දුක්ගැනවිල්ලක් කියලා. එයාලා කියනා විදියට මේ ඇමැති තැන හදන ප්‍රධාන කොලණි තුන නම් කරලා තියෙන්නෙ තුර්කි කොලණිය - පකිස්ථාන් කොලණිය - කටර් කොලණිය කියන නම් වලින්ලු. මේ කොලණි තුනේ වැඩිපුර පදිංචි කරවන්නෙත් පිටස්තර රටවල වෙනත් උදවිය කියලයි එයාලා කියන්නෙ...

මේ ගැන ආණ්ඩුවට කියල විසඳුමක් ගන්නයි උතුරු සන්ධානෙ අයගෙ බලාපොරොත්තුව. එහෙම යුක්තිය ඉටු නොවුණොත් විකල්පයකට යනවලු. ඒ ගැන තවම අවසන් තීන්දුවක් ගත්තෙ නැති බවයි උතුරු සන්ධානෙ උදවිය කියන්නෙ.

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00