2017 ඔක්තෝබර් 28 වන සෙනසුරාදා

පාඩම් ඉගෙන ගන්න ලෑස්තිවෙන්න

 2017 ඔක්තෝබර් 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 793

බස්නාහිර සංවර්ධනේට ආණ්ඩුව හරිහමන් විදියට සල්ලි දෙන්නෙ නැති එක ගැන කැබිනට් සයිස් මණ්ඩලේ දි විෂය භාර ලොක්ක ලොකු වලියක් ඇදගත්ත කියල ආරංචියි.

වෙන් කරපු සල්ලි කැපිල්ල බස්නාහිර වැඩසටහන්වල සල්ලි මධ්‍යම පළාතට තල්ලු කිරීම ගැන ලොකුවට බරබරේ දැම්මලු. පුපුරන්න හදන කොළඹ පැල්පත් මුඩුක්කු ප්‍රශ්නය පල්වෙද්දි ඒ තරම් අර්බුද නැති තැන්වල ගෙවල් හදන්න සල්ලි කඳු ගැහීම ගැනත් ඇමැති තැන සැරට කතා කරලා.

ආණ්ඩුවෙ ලොකු මහත්තයටයි දෙවැනි මහත්තයටයි පහුගිය ඡන්දවලදි බස්නාහිර මිනිස්සු තොග පිටින් ඡනදෙ දීල තියෙද්දි එයාල අමතක කිරීම ගැන තමන් ලජ්ජාවටත් දැඩි විලිලැජ්ජාවටත් පත්ව සිටින බවත් ඇමැති තැන කීවලු.

වැඩ වෙන්නෙ මෙහෙම නම් දෙදාස් විස්සෙදි ජනතාවගෙන් දඬුවම් විඳින්නත් පාඩම් ඉගෙන ගන්නත් සූදානම් වෙන්න කියලා උන්නැහේ බරපතළ අනතුරු ඇඟවීමකුත් කරලා..

හැබැයි ඇමැති තැනගෙ ගෝරි ඝෝෂාව නිසාම මේ ගැන කතාවක් දාන්නත් අන්තිමේදි ලොකු ලොක්කො එකඟ වුණා කියලා ආරංචියි.