2017 ඔක්තෝබර් 21 වන සෙනසුරාදා

ඡන්දෙ ගැන පන්දු ගැහිල්ල

 2017 ඔක්තෝබර් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 454

පසුගිය කුජදා දියවන්නා කවුන්සිලේ මුල්ලක පුංචි ඡන්ද ඇමැතියි රතු අනුරයි ලොකු කතාවකට වැටිල හිටියලු.

වැඩිය කවුන්සිල් කස්ටියට නොපෙනෙන අසුන් දෙකක වාඩිගෙන උන්න මේ දෙන්න කුටු කුටු ගාමින් කතා කළේ ඉස්සරහට එන්න තියන ගමේ ඡන්දය ගැනයි කියලයි ආරංචි. ඡන්ද භාර ලොකු ලොක්කො කස්ටිය එකතුවෙලා ආයෙමත් වරක් පුංචි ඡන්දය කල්දමන්න යන බව මෙතැන්දි කතාවුණ බව කියැවෙනව.

මනෝ ඇමැති තැන මාර්ගයෙන් ප්‍රාදේශීය සභා දෙක තුනක හතර මායිම් ගැන පෙරළපු බාල්දිය නියමෙට පෙරළිච්ච නිසා පුංචි ඡන්දය හිටු කියල කල්යනවලු. ඒකට යහපාලන ලේබල් එක ගහල මේ කළු වැඩේ සුදු කරන්න විෂය භාර ලොක්ක මේ විදිහට සෑහෙන්න දත කනව කියලා කියැවෙනව.