2017 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා

බැඳුම්කරේට ගෑවුණ දෙන්නෙක් දොට්ට?

 2017 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1221

ආණ්ඩුවෙ ඉහළ පෙළේ තනතුරු දරන ප්‍රකට උපදේශක තුමෙකුයි බරපතළ අමාත්‍යංශෙක ලේකම් උන්නැහේ කෙනෙකුයි ඒ තැන්වලින් අයින් කරන්න තීන්දුවක් ගන්නලු යන්නෙ.

රජය මුහුණ දීලා තියන බරපතළම අර්බුදයක් වන බැඳුම්කරේ ගැන මුලින්ම තීන්දු ගත්ත කොමිටියෙ මේ දෙන්න වාඩිවෙලා හිටියා කියලා හෙළිදරව්වුණාට පස්සෙලු මේ තීන්දුව ගන්න යන්නෙ.

ලොකු ලොකු විභාග “පාස් කරලා” ආණ්ඩුවෙ සේවයට ආපු මේ උපදේශකතුමා ප්‍රේමදාස යුගේ ඉඳන් අමාත්‍යංශවල ලොකුම පට්ටම් දරාපු උන්නැහේ කෙනෙක්. ලේකම් උන්නැහේ මුදල් හදල් ගනුදෙනු ගැන හොඳට දන්න දැනට සේවා දීර්ඝයක් ලබලා තියන කෙනෙක්ලු. එයාගෙ සේවා දීර්ඝේ දෙසැම්බරෙන් ඉවර වෙන්නලු යන්නෙ.

ඉතින් බැඳුම්කර වැඩේට උන්නැහේල ගෑවීමෙන් ආණ්ඩුව කිලුටු වුණාය කියන සමහර යහපාලන ඇමැතිලා මේ අය ගැන තීන්දුවක් ගන්න බලකරලා කියනවා.  කොහොම හරි තවත් ටික දවසකින් මේ තනතුරුවල අලුත් අය ඉන්න පුළුවන් කියලා ආරංචියි.

 2025 ජුලි 12 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 12 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 12 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 19 වන සෙනසුරාදා, ප.ව. 02:00