2017 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා

අවන්හලේ කතාවක්

 2017 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 623

ගිය සුමානෙ දවසක හිටපු ලොකු තැන දියවන්නා කවුන්සිලේ අවන්හලේ දිවා ආහාර ගනිමින් හිටිය.

මැති ඇමැතිවරු ඒ තරම් ගණනක් ඒ වෙලාවෙ අවන්හලේ හිටියෙ නැහැ. හිටපු ලොකු තැනගෙ මේසෙ හිටියෙ උන්නැහේ විතරයි...

ඉතින් එයා කෑම කනව දැකපු ආණ්ඩුවෙ ඇමැති සයිස් ලොක්කෙක් හිමින්ම එතෙන්ට කිට්ටු වුණා. එයා පක්ෂ ගණනාවක ඉඳල දැන් මෛත්‍රි තුමා එක්ක ඉන්න කෙනෙක්.

හිටපු ලොකු තැනගෙ ආණ්ඩුවෙත් උප මට්ටමේ ඇමැතිකමක් කළා... මේ ආණ්ඩුවෙ සමහර ඡන්ද වැඩ බලන්නෙත් එයයි. 

ඉතින් උන්නැහේ හිටපු ලොකු තැන ගැන පහුගිය කාලෙ වේදිකාවල හරි සැරට කතා කළත් එදා එයා කෑම කන තැනට ඇවිත් බොහොම ඇඟෑලුම්කමින් කතාවක් පටන් ගත්ත. ඒත් පරණ ලොකු තැන ඒ කතා ඒ හැටි ගණන් නොගෙන සුහදව ටිකක් කතා කරල කතාව නැවැත්තුවම ඇමැතිතුමා යන්න ගියා...

ඈත ඉඳන් මේ සිද්ධිය හොඳින් බලන් හිටපු කඳුකරේ “තොණ්ඩි”, ඇමැතිතුමා යන්න ගියාම පරණ ලොකු තැන ළඟට ආව. ඇවිත් මෙහෙම කිව්වලු.

“කොහොමද සර්. මොකද අරය කියන්නෙ. කෝකටත් බලාගෙන සර්... එයා මට කරපු වැඩේමයි සර්ට කළෙත්...” තොණ්ඩි කිව්වා...

හිටපු ලොකු තැන ඇයි ඒ කියල ඇහුවා...

“ඇයි සර් මතක නැද්ද එයා මුලින් ආවෙ මගේ පක්ෂයෙන්. ඊළඟට සර් ළඟ. දැන් මෙතන... මේ දවස්වල බෝට්ටුව හෙලවෙනව... ඉහළ තැන්වල ප්‍රතිචාරෙත් එච්චර හොඳ නැතිලු... ඒකයි සර් මතක් වෙන්න ඇත්තෙ...” තොණ්ඩි පැහැදිලි කළා...

පරණ ලොකු තැන මහ හඬින් හිනා වුණා.

 2025 ජුලි 12 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 12 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 12 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 19 වන සෙනසුරාදා, ප.ව. 02:00