2017 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා

එයා ගෙදරම යනවලු

 2017 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 470

කස්ටම් ලොක්ක හිටි ගමන් පුටුවෙන් වැටුණා.

උන්නැහේට එහෙම වෙන්න යන බව පසුගිය සති කිහිපය තිස්සේම සිග්නල් මාර්ගයෙන් දැනගන්න ලැබුණලු. 

ඒ ගැන විෂය භාර අමාත්‍යංශයෙන් සිග්නල් එක ලැබුණේ දේශපාලන ලොක්කෙක්ගෙන්ලු. ඉහළ තැන් තමුන් ගැන සන්තෝස නැහැ. ඒ නිසා ළඟදිම තැනක් සොයාගන්න වේවි කියන එකලු ලැබුණු සංඥාව...

එහෙම සංඥාවක් ලැබෙන්න හේතුව සමහර කරන්න බැරි දේසපාලන වැඩ නොකිරීම නැත්නම් පමා කිරීමලු. ලොකු පවුල්වල බිස්නස් පුත්තු බිස්නස් නෑයො අසතුටින් කරපු පැමිණිලිත් සමහර සංගම්වලිනුත් කස්ටම් ලොකු තැනට විරෝධය මතු වුණා කියනව. මේවා නිසා කොහොම හරි හිටි අඩියේ එයාගෙ පුටුව මාරු කළා... ඒත් එයා අලුත් පුටුවට නොගිහින් ගෙදරම යන්න තීන්දුවක් අරන්ලු.

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00