2017 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා

වෛද්‍ය උපදෙස් මත වෙනස් කළ මෝස්තරේ

 2017 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1081

පුටු පාටියෙන් පත්වුණු 

ඒත් ආසනේ පැරදුණු 

මනාපෙන් ගොඩගිය 

ජ්‍යෙෂ්ඨයො ගොඩේ ඉන්න

“හූව” පැත්තෙ යන එන 

ඇමැති මහත්තයෙක් 

ඉන්නවා කියමුකො...

වියපත් වුණාට සුවපත් බව පෙන්වන්න නොයෙක් දහිරිය දමන මුන්නැහේ පසුගියදාක හිටි ගමන් කොණ්ඩ මෝස්තරේ වෙනස් කළාලු... මෝස්තරේ වෙනස් කළා විතරක් නෙවේ. කොණ්ඩෙට උඩින් බොරු කොණ්ඩයක් (විග් එකක්) දැම්මා කියලත් ආරංචියි. ඒකත් දාගෙන නිමල හදවතින් යුතුව දියවන්නාවට පා තැබුව උන්නැහේට ඔන්න මුලින්ම සුබ පැතුවෙ රතු අනුර. “ෂෝක් කොණ්ඩ මෝස්තරේ” එයා කිව්ව... ඊළඟට ඒකාබද්දෙ කස්ටිය... “ෂෝක්... ලස්සනයි... මරු” එයාලත් කිව්ව.

ඊටපස්සෙ සමහරු සුබ පැතුව. තවත් සමහරු අමුතු ඇහැකින් බැලුවා. එහෙම බලාපු අය උන්නැහේගෙ කොණ්ඩ මෝස්තරේ ගැන කිව්වෙ මේක වෛද්‍ය උපදෙස් මත දාපු විග් එකක් කියලයි... ඒ වෛද්‍ය උපදෙස දීලා තිබෙන්නෙ උන්නැහේ හොඳට පරීක්ෂා කරපු “විදාන” දෙන්න පුළුවන් වෛද්‍ය අංසෙ සුන්දර කෙනෙක්ලු. ඒත් තවත් අය කිව්වේ තිරුපති උපදෙසකුත් මේකට බලපෑව කියලයි. “ආයිශ් අම්ම ගුණ්ඩූ...”