2017 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා

සාරියට ගෝරි

 2017 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 497

පළාත් සභා ඡන්දෙ කිට්ටු නැති එක්තරා පළාත් සභාවක ලොකු ඇමැති උන්නැහේ ජනතාවට තෑගි දෙන්න පටන් අරන්ය කියලා ඒකාබද්දෙට ඔත්තුවක් ලැබිලා...

තමන්ගෙ පාක්ෂිකයන්ට වගේම මැදින් ඉන්නවය කියල උන්නැහේල හිතන ජනතාවටත් එතුමා තෑගි දෙනවලු. මුලින්ම තෑගි දෙන්න උන්නැහේ තෝරගෙන තියෙන්නෙ වනිතා පක්ෂයෙ අයලු... ඉතින් එතුමා වනිතාවන්ට තෑග්ගට දෙනවය කියන්නෙ අලංකාර සාරියක්ලු.

ඡන්දයක් නැතත් සාරියක් දුන්නම ඒක අඳින අඳින සැරේට මහ ඇමැති තැන මතක් වෙන්න ඕන හින්දයි මෙහෙම කරනව කියන්නෙ.

මහ ඇමැති කියන වචනයෙ අර්ථයටම ගැලපෙන ලක්ෂණ පෙන්වන උන්නැහේ තමන්ගෙ පළාතෙ “විජය” ධජ නංවන්න මෙහෙම කරනවය කියල ඒකාබද්දෙ අය ඔරොප්පුවෙන්ලු ඉන්නෙ. ඉතින් ඒ හින්ද පසුගියදාක ගාල්ල පැත්තෙ තිබුණ රැස්වීමකදි වහෙන් ඔරෝ භාෂාවෙන් මේ කතාව එළියට දැමීම කියලත් ආරංචියි. කොහොම හරි මේ සාරි කතාව දියවන්නා කවුන්සිලේටත් ගේන්නයි එයාලගෙ සූදානම.

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00