පළාත් ඡන්දෙ කල් දාන්න සැට් කරපු ව්‍යවස්ථා සංශෝධනේ අන්තිම මොහොතෙ ගැස්සිලා ගියා. ඒ වුණත් යම් විදියකින් ඡන්දෙ තිබ්බ නම් දැනට ආණ්ඩුව පැත්තෙ වාඩිවෙලා ඉන්න හතර දෙනෙක්ගෙ ඡන්ද මේ සංශෝධනේට විපක්ෂව දෙන්න හිටියය කියල දියවන්නා කවුන්සිලේ ලොබියෙදි කස්ටියක් කතාවෙනවා යන්තමට ඇහුණා.
මේ හතර දෙනාගෙන් තුන් දෙනෙක් යහපාලන ආණ්ඩුව පත් කරන්න දතකාගෙන වැඩ කරපු අයලු. එසේම එයාල රජය තුළ විවිධ බලවේගවලට නායකත්වය ගත්ත අයය කියලත් කියැවුණා.
එක්කෙනෙක් ඈත පළාතක් නියෝජනය කරන සුළු ජාතික නායකයෙක්. අනෙක් දෙන්න කොළඹින් ආපු අය. ජාතිය, ආගම ගැන එයාල නිතර කතා කරනව. ඊළඟ එක්කෙනා ගම්පහ පැත්තෙ. මේ හතර දෙනාට අමතරව තව දෙන්නෙක් තුන් දෙනෙක් මේ වැඩේට උදව් වෙන්න පොරොන්දු වෙලා හිටිය කියලත් මෙතන කතාබහ වුණා. කොහොම හරි වැඩේ සිද්ධ නොවුණ නිසා කස්ටිය එළියට ආවෙ නැහැ. ඒත් එයාල ඉස්සරහදි තමන්ගෙ නාට්‍යය ප්‍රසිද්ධියෙ කරළියට ගේනවලු.