2017 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා

කචල් කතා නිසා මාධ්‍ය හමුව කැන්සල්

 2017 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 744

ආණ්ඩුවෙ ලොකුම මන්දිරේක ඉන්න ලොකු මහත්තයෙක් පසුගියදාක මේ රටේ ඉන්න විදේශ මාධ්‍ය කස්ටිය හමුවෙලා රටේ තත්ත්වය ගැන දැනුවත් කරන්න වැඩ පිළිවෙළක් සංවිධානෙ කළා... පසුගිය සති අන්තෙ මේ මීටිමට දින දාලත් තියෙද්දි එකපාරටම අන්තිම මොහොතේ වැඩේ කැන්සල් කියල නිවේදනයක් ආවා...

ඉතින් හැමෝම පුදුම වෙලා මේ අවලංගුවට හේතුව හොයලා බැලුවලු. එතෙන්දි දැනගන්න ලැබු‍ණෙ අපූරු කතාවක්...
මේ දවස්වල ඇතිවෙලා තියන ප්‍රශ්න ගැන ආණ්ඩුවෙම ඉන්න එක එක පක්ෂවල ඇමැතිලා එක එක දේ කියන්න පටන් අරන් තියන නිසා විදේස මාධ්‍ය කස්ටියට ප්‍රශ්න අහන්න දුන්නොත් උන්නැහේල ඒව ගැන අහලා ආණ්ඩුව අන්නයි කියලා බයට මාධ්‍ය හමුව අවලංගු වුණා කියන එකයි මේ අපූරු කතාව...

හිටපු හමුදා ලොක්කගෙ යුද අපරාද කතාව ව්‍යවස්ථා කතාව වගේ මත ගැටෙන ජරමරවලට උත්තර දෙන්න ගිහිල්ලා නාගන්නවට වඩා හොඳයි පිටරට මාධ්‍ය කස්ටිය පස්සෙ හමුවෙන එක කියල මාද්දිය අමාත්‍යංසෙ ලොකු මහත්තයා ආණ්ඩුවෙ ලොකු මහත්තයට දුන් ප්‍රායෝගික උපදෙසක් අනුවලු පිටරට මාධ්‍ය කස්ටියගෙ හමුව කැන්සල් වුණේ.

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00