2017 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා

ලොකු අයියගෙ මීටිම

 2017 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 463

විදේස වැඩ අලුතෙන් භාරගත්ත ලොකු මහත්තයා පසුගියදාක අපේ ලොකු අයියා හම්බුවෙන්න අල්ලපු රටට ගියා කියලා ආරංචියි...

උන්නැහේ නීති රීති එහෙම හොඳට දන්න මාර-පොරක් නිසා යන්න කලින් අල්ලපු රටේ ලොකු මහත්තයට කියන්න ඕන කතා පුරුදුවෙලා හොඳට ලෑස්තිවෙලාලු ගියේ. එහෙම ගිහිල්ල එහේ ලොකු මහත්තයා හම්බවුණා කියමුකො. හම්බුවෙලා අපි කරන වැඩ ගැන කියන්න පටන් ගත්ත. ව්‍යවස්ථාව හැදිල්ල ගැනයි මුලින්ම කියන්න ගියේ... ඉතින් ඒ කතාව පටන් අරන් විනාඩි දෙක තුනක් යනකොට (මෝදි) තුමා ටිකක් නොසතුටු මුහුණින් කතාවට බාධා කරල උන්නැහේගෙ කතාව පටන් ගත්තලු... අපට ආරංචි විදියට උන්නැහේ කිව්වෙ මෙහෙමලු. “ව්‍යවස්ථාවත් හොඳයි. ඒත් අපට තියන ප්‍රශ්නෙ ඒක නෙවේ ඔයගොල්ලො අර රක්තො ඕනවට වඩා කිට්ටු කර ගැනීම... ඇයි එයාලට ඔච්චර දේවල් දෙන්නෙ. අපි කියාපු වැඩ ගැන තවම කතා සාප්පුවෙ කතා කරනව එයාලට සේරම දෙනව...” අල්ලපු රටේ ලොකු තැන කියන්න පටන් ගත්ත... අපේ විදේස තුමාට තේරුණා උන්නැහේ එන්නෙ කොතෙන්ටද කියල... ඒ පාර උන්නැහේ ලෑස්තිවෙලා ගිය කතාව නවත්තල එහේ ලොකු තැනගෙ කතාවට හූමිටි තියලා ස්තූතියි කියලා ආව බවයි තතු දත් අය කියන්නෙ.