2017 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා

දෝෂ භංග කිරීම

 2017 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 410

විපක්ෂයෙ ලොකු මහත්තයා ආණ්ඩුවෙ ලොකු මහත්තයගෙ කීම අනුව තමන්ට වෙන් කරපු කොළඹ හතේ නිල නිවාසෙට යන්න තීන්දු කළා...

මෙච්චර කල් පාවිච්චි නොකළ මේ නිවසට යන්න සේරම කටයුතු ලෑස්ති කරලා තියෙද්දි ඔන්න විපක්ෂයෙ ලොකු තැනට ජ්‍යොතිෂ උපදෙසක් ලැබිලා... එයාගෙ පක්ෂයෙ මේ දවස්වල තියෙන හැලහැප්පිලිවල හැටියට වස් දොස් බලන්නෙ නැතුව අලුත් නිල නිවාසෙට ගියොත් තියෙන දෝෂ වැඩිවෙලා වැඩේ අලවෙන්න පුළුවන් කියලයි ජ්‍යොතිෂවේදින් කියල තිබ්බෙ...

ඒ අනුව නිල නිවාසෙට යන්න කලින් ඒ ගෙදර වාස්තු දෝෂ නිවාරණය කරන්න කියල විපක්ෂයෙ ලොකු මහත්තයගෙන් නියෝගයක් එයාගෙ සගයන්ට ලැබිලා.

දැන් ඒ දේශපාලන සගයො සුද්දගෙ කාලෙ හදාපු කොළඹ 7 නිල නිවාසෙ හතර වටේ ඇවිද ඇවිද වාස්තු දෝෂ භංග කරන්න ක්‍රම සහ විධි සොයනවලු. කොහොම හරි දෝෂ භංගවෙන තුරැ විපක්ෂයෙ ලොකු තැන නිල නිවාසෙට යන ගමන පමා කරලා කියලත් ආරංචියි.

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00