ගම්පහ දිසාවෙ ජයවර්ධනය කරපු මන්තිරි සයිස් මහත්තයෙක් ආණ්ඩුවෙ තරුණයන්ට වැඩ කරන සභාවක ලොකු මහත්තයෙකුත් එකතු කරගෙන තරුණයන්ට සේවය කරන්නය කියලා ලොකු ව්‍යාපෘතියක් සැලැසුම් කළා කියලා ආරංචියි.
ඉතින් මේ ව්‍යාපෘතියට ලොකු ලොකු වැඩ කටයුතු ගණනාවක්ම ඇතුළත් වෙලා තිබුණ... ඒත් ඉතින් ඒකට ඉල්ලපු සල්ලි ප්‍රමාණය නම් ඉතාම ලොකු ගණනක්ලු. ආරංචි වලින් රුපියල් ලක්ෂ වලින් පන්සීයක් විතර ගන්නලු ප්ලෑන් කළේ.
ඉතින් මේ ව්‍යාපෘතිය අරලියගහ මන්දිරේ ඉහළම මට්ටමට ඉදිරිපත් කළාලු... මේ ගැන විමසල බලපු ලොකු මහත්තුරු මේකට මෙච්චර සල්ලි දෙන්නෙ කොහොමද කියල වැඩේ රිජෙක්ට් කළා... ඉතින් ව්‍යාපෘතිය දියත් කරන්න හදාපු දෙන්න ෆයිල් එකත් අරගෙන වැලි පාරෙන් ගෙදර ගියාලු.