2017 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා

මන්තිරිතුමාගෙ චිත්‍රපටයට තහනමක්

 2017 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1039

පසුගියදාක මංගලතුමා හම්බුවෙන්න ගිය බන්දුල තුමා පොඩි ආඩපාලියක් කිව්වලු...

තමුන්නාන්සෙලගෙ ආණ්ඩුව චිත්‍රපටවලටත් හිටු කියලා බදු ගහපු යුගේ මම චිත්‍රපටයක් හදන්න මූලික වැඩ සේරම කළා. අතේ තිබුණ සල්ලි ලක්ෂ ගණනක් වියදම් වුණා. ඒත් අන්තිම මොහොතේ නිදහස් මාධ්‍යයක් හදනවය කියන ආණ්ඩුව මගේ චිත්‍රපටය තහනම් කළා... “හරි වැරදියි ඇමැතිතුමා” කියල බන්දුල තුමා පොඩි බරබරයක් දාන්න ගත්ත... ඒක අහපු මංගල තුමා... “අපි නම් චිත්‍රපට තහනම් කරන්නෙ නැහැ... මොකද්ද ඔය චිත්‍රපටය..” කියල පෙරළා ප්‍රශ්න කළාලු. “මාධ්‍යවේදී රිචඩ් සොයිසා ඝාතනය”... බන්දුල තුමා උත්තර දුන්නලු...

“ආ ඒකද අපි මොකටද ඕක තහනම් කරන්නෙ. ඔබතුමා චිත්‍රපටය හදන්න... හැබැයි ඒකට තවත් කතාවක් දාන්න ඕන” මංගල තුමා කිව්ව. “ඒ මොකද්ද?” බන්දුල තුමා ප්‍රශ්න කළා. “ලසන්ත වික්‍රමතුංග ඝාතනය” මංගල තුමා උත්තර දුන්න. “ආ.. එහෙමද... කොහොමද අප්ප කතා දෙකක් එකට ගොතන්නෙ”... කියපු බන්දුල තුමා හොඳයි අපි පස්සෙ බලමු කියලා යන්න ගියා.

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00