2017 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා

පක්ෂ නායකතුමාගෙන් මන්ත්‍රීට අපූරු තෑග්ගක්

 2017 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 515

පසුගියදාක එක්තරා පක්ෂ නායකයෙක් තමන්ගෙ පක්ෂයෙ ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රීතුමෙකුට තෑග්ගක් යැව්වය කියලා ආරංචියි...

හැබැයි ඒ තෑග්ග අපූරැ තෑග්ගක්ලු... සාමාන්‍යයෙන් දේශපාලන පක්ෂයක නායකයෙක් තමන්ගෙ දේශපාලන සගයකුට නොයවන ජාතියෙ තෑග්ගක්...

නමුත් ඈත දුර පළාතක පදිංචිව ඉන්න මේ වියපත් පක්ෂ නායකයා අද පාර්ලිමේන්තුවෙත් විපක්ෂයෙ ඉන්න මහ ලොක්කෙක්. සාමාන්‍යයෙන් උන්නැහේ නැගෙනහිර පළාතෙ ගමට ගිහිල්ල එනකොට ගෙදර තියන වැඩිමනක් දේවල් වලින් කොටසක් තමන්ගෙ සමීපතම මන්ත්‍රීවරුන්ට තෑගි හැටියට ගෙනල්ල දෙන විශේෂ පුරුද්දක් එතුමට තියනවා...

හැබැයි මේ තෑග්ග අර මන්තිරිතුමාට යැව්වම උන්නැහේ කල්පනා කළා මොකටද මට මෙයා මේ වගේ දෙයක් එව්වෙ කියලා... තරමක වාජීකරණ ශක්තියකුත් තියනවය කියන මේ තෑග්ග භාරගත්ත මන්තිරිතුමා උතුරෙන් ආව මාධ්‍ය ආයතනවලට එහෙම සම්බන්ධ කෙනෙක්.

ඉතින් උන්නැහේට අර වියපත් පක්ෂ නායකතුමා යවල තිබුණෙ මොනවද කියල දැන් ඔයාල හිතනව ඇති. උන්නැහේ යවලා තිබුණෙ ලොකු මුරුංග මිටියක්.

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00