පසුගිය දවසක පට්ටම අත්හරින්න සිද්ධ වුණ කෝට්ටේ “හිරු” දැන් තමන්ට ලබල තියෙන අපල දුරැකරගන්න ආගමික ආශිර්වාද සොයනවලු... මේ සඳහා ලංකාවෙ විතරක් නෙවෙයි විදේශවල තියන පුණ්‍ය භූමිවලටත් මේ දවස්වල උන්නැහේ යනවලු...
මේ කටයුතු ඉක්මන් වුණේ පසුගියදාක සංවර්ධන ලොතරැයියෙ ලොකු පුටුවට පත් කරලා හිටපු උන්නැහේගෙ සමීප ඥාතියා රස්සාවෙන් දොට්ට දැමීමත් එක්කය කියලයි ආරංචි...
මේ තනතුරැ මාරුවට හේතුව දැන් විෂය භාර දේශපාලන ලොක්කටත් වඩා ඉහළින් රටේ ඉහළම මන්දිරේක ඉන්න මහත්තයෙක් කියලයි තතු දත් අය කියන්නෙ. උන්නැහේට අවශ්‍ය කරන කිහිප දෙනෙක් මේ මණ්ඩලේට පත් කරගන්න ඕනවෙලාලු මේ තීරණය ගත්තෙ... ඒ ගැන අහපු “හිරු”ට හොඳටම අප්සෙට්ලු.
තමන් දොට්ට වැටුණට අමතරව තමන්ගෙ ඥාති හිතමිත්‍රාදීන්ටත් යහපාලනේ සලකන විදිය ගැන එයා ඉන්නෙ කෝපයෙන් කියලයි ආරංචි.