2017 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා

යන ඇමැතිගෙ නාට්‍යය

 2017 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 513

පක්ෂ මාරුව ගැන නම කියැවෙන පුටු පාටියෙ එක්තරා රාජ්‍ය ඇමැති සයිස් මහත්තයෙක් පසුගියදාක හදිස්සියෙම බත්තරමුල්ලෙ “පොහොට්ටුව” කන්තෝරුවට අනාරාධිතවම ගිහිල්ලා...

පුත්තලං පළාතෙන් කවුන්සිලේට ආපු මුන්නැහේ අපි නම් වැඩි කලක් ආණ්ඩුවෙ ඉන්නෙ නැහැ කියල විවෘතව කියන කෙනෙක් හැටියටත් ප්‍රසිද්ධයි... පොහොට්ටුව කන්තෝරැවට ගිය උන්නැහේ එතන ඉන්න තමන්ලගෙ පරණ යාළුවො හම්බුවෙලා හිටු කියල “සෙල්ෆි” පින්තූරත් ගත්තලු. “සෙල්ෆි” ගත්තා විතරක් නෙවේ මම පොහොට්ටුව කන්තෝරුවට ගියා කියන සටහනක් එක්ක ෆේස්බුක් එකටත් ඒව දැම්මලු...

අන්තිමේ මේක දිහා බලන් හිටපු දේශපාලනේ තෙම්පරාදු වෙච්ච අත්දැකීම් බහුල රාජපක්ෂ කෙනෙක් මේ තරුණ රාජ්‍ය ඇමැති තැනට කතා කරලා... මල්ලි ඉක්මන් වෙන්න එපා. දැන්ම වැඩිපුර ඕව කළොත් අපිට වගේම මල්ලිටත් මහඋළුගෙදර බත් කන්න වේවි* කියලා අනාවැකියක් කිව්වලු.

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00