පක්ෂ මාරු කතාවලට හොඳ ප්‍රචාරයක් ලැබෙන කාලයක් මේ. දවසෙන් දවස අලුත් අලුත් තොරතුරැ එක්ක ප්‍රචාරය වන පක්ෂ මාරු කතා නිසා දේශපාලන අංසෙ හුඟ දෙනෙක් වෙන්නෙ මොකද්ද කියල බලාගෙනයි ඉන්නෙ...
මේ පක්ෂ මාරු කතා වැඩිපුරම ඇහෙන්නෙ පුටු පාටිය පැත්තෙන් ආණ්ඩුවෙ ඉන්න මැති ඇමැති ගොල්ලගෙන්. නිල් පාට ඇමැතිවරැ මන්තිරිවරු දහයක් පහළොවක් විපක්ෂයට යන කතාව ප්‍රසිද්ධ වේදිකාවල පවා කතාවෙන්න ගත්තම ආණ්ඩුවෙ වගේම පුටු පාටියෙ ලොකු තනතුරු දරණ ලොකු ලොක්කොත් එකාබද්දෙ පැත්තෙ ඉන්න ප්‍රබල චරිත ගණනාවක් ආණ්ඩුව පැත්තට බාගන්න තිරය පිටුපස මෙහෙයුමක් දියත් කරල. ඒ අනුව මෛත්‍රීතුමා එක්ක ඉන්න සන්ධානෙ ලොකුම ලේකම් පට්ටමක් දරන දකුණෙ ඇමැති සයිස් මහත්තයෙක් කොළඹ දිසාවෙන් පත්වුණ ඒකාබද්දෙ ලොක්කෙකුට කොක්කක් ගහන්න ට්‍රයි කියල කතාවක් යනව. ආර්ථිකේ ගැන නිතර කතා කරන ඒ ගැන හොඳ දැනුමක් තේරැමක් තියන ඒකාබද්දෙ මන්ත්‍රී තැන හමුවුණ මෛත්‍රී පිලේ ලොක්ක උන්නැහේට ආණ්ඩුවට එන්න දිගින් දිගටම ආරාධනා කරනවලු.
එහෙම එනවනම් මුදල් වගේ ලොකු වගකීමක් වුණත් පවරන්න පුළුවන් කියලත් කිව්වලු...
දිගින් දිගටම මේ ආරාධනය කළත් හොඳින් දේශපාලන “ගුණයවර්ධනය” කරපු මේ මන්තිරිතුමා මේ වෙලාවෙ අපිට ගිලෙන නැවකට ගොඩවෙන්න ඕනකමක් නැහැ කියලා උත්තර දුන්නලු. අවුරැදු තුනක් කට්ටකාපු අපට ඉතුරැ දෙකත් ඉවසන එක කජ්ජක් නෙවේ කියලත් දැන්නුවා කියලා ආරංචියි.