2017 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා

තුන් හතර දෙනෙක් වැට උඩලු

 2017 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 388

පක්ෂ මාරුවට සැරසෙනවය කියන මැති ඇමැති ගොල්ලන්ට ඉහළම මන්දිරේකින් දුරකතන ඇමතුම් එන්න පටන් අරන්ලු...

මේ හැම එකකින්ම කියවෙන්නෙ ඒගොල්ලන්ගෙ ඉල්ලීම ගැන තීන්දුවක් ගන්නකම් මාස තුනක් ඉවසන්න කියලලු... මේ ඉල්ලීම ලොකු මහත්තයා දැඩි ලෙස ඉදිරිපත් කිරීම නිසා මේ සතියෙ ගන්න හිටපු ඇමැති සයිස් මහත්තුරු තුන් දෙනෙක් මෙච්චර කල් කරපු සැර කතා නවත්තල දෙවැනි පාරටත් කල්පනා කරන්න පටන් අරන්ලු.

උන්නැහේල වැට උඩ හිටියත් එයාලත් එක්ක යන්න හිටපු දෙවැනි තුන්වැනි මට්ටමේ කස්ටියක් නම් තමන් ගත්ත තීන්දුව වෙනස් කරන්නෙ නැහැ කියලම කිව්වලු. ඒ අතරෙ දැනට ඒකාබද්දෙ ඉන්න රජරට සේන මන්ත්‍රීතුමාට මොණරාගල ගොඩගිය මන්තිරිතුමාට එහෙමත් කතා කරල මේ පැත්තෙ ඇවිත් යන්න කියල ආරාධනා කරලලු. ඒ අතරෙ රත්නපුරේ පැත්තෙන් පත්වෙලා ඉන්න ඒකාබද්දෙ නෝන කෙනෙක් දැන් අහවලා මෙහාට එනකම් බලන් හිටිය ඇති ඒකාබද්දෙ දිසා මුල් පුටුව මට දෙන්න කියල බරපතළ ඉල්ලීමක් දීලලු... මේ යන විදියට එයාගෙ ඉල්ලීම හරියන පාටලු පේන්නෙ.