ළඟදි දවසක හැන්දෑවෙ අලි පාටියෙ පසුපෙළ මන්ත්‍රීන් කණ්ඩායමක් ගල්කිස්සෙ මුහුදු වෙරළේ තිබෙන මාළුවෙකුගෙ නමින් හැඳින්වෙන එක්තරා අවන්හලකට රැස්වුණා...
මෙතන පසුපෙළ මන්ත්‍රීන් පහළොවක් විස්සක් විතර හිටියය කියලයි ආරංචි. ඔවුන් මෙතනට ආවෙ රාත්‍රී භෝජන සංග්‍රහයකටලු... ඒ භෝජන සංග්‍රහය සංවිධානය කළේ පසුගියදා තනතුර අහිමිවුණ ධනවත් බලවත් හිටපු ඇමැති සයිස් පොරක්...
මේ මන්ත්‍රී කණ්ඩායමට සැර මධුවිත සමඟ ප්‍රණීත ආහාර පානත් පිරිනැමුණා...
ඉතින් හදිසියෙම අලි පාටියෙ පසුපෙළ රැඩිකල් කණ්ඩායම මෙහෙම කැඳෙව්වෙ එක්තරා ලොකු අරමුණකින් කියලා කස්ටිය දැනගත්තෙ ටික වෙලාවකට පස්සෙලු.
පසුගියදා තනතුර අහිමිවුණ උන්නැහේට රැඩිකල් පිලේ නායකත්වය ලබාගැනීම මේ සැඟවුණ අරමුණය කියලා එතන හිටපු සමහරැ පස්සෙ කටින් කට කියන්න පටන් අරන්...
මේ විදියට උන්නැහේ තමන්ගෙ හයිය පාවිච්චි කරලා රුඩිකල් කණ්ඩායමක් හදන්නෙ ඇයි කියන කාරණය දැන් පක්ෂයෙ ඉහළ තැන්වලත් කතාබහ වෙන්න පටන් අරන්ලු... ඉතින් වැඩිකල් නොගොස් රැඩිකල් පිලට මොකද වෙන්නෙ කියලයි සමහරු බලන් ඉන්නෙ.