2017 සැප්තැම්බර් 02 වන සෙනසුරාදා

ඒ පැත්තෙ එන්න නම් එපා

 2017 සැප්තැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 901

පසුගියදාක මිණිපුරේ පැත්තෙ “අත” පාටියෙ දිසා සමුළුව කැඳවලා තිබුණ...

ඒකට පළාතෙ මන්තිරිවරු කස්ටියටයි පක්ෂයෙ බලමණ්ඩල ලොක්කන්ටයි ආරාධනා කරලත් තිබුණ කියලයි ආරංචි.

මේක සංවිධානය කළේ දිස්තිරික්කෙට නායකකම් කරන ජ්‍යෙෂ්ඨ ඇමැතිතුමාලු... උන්නැහෙත් දැන් ඉන්නෙ කොයි වෙලාවෙ විපක්ෂයෙ අසුන් ගන්නද කියල බලාගෙනලු...

ඉතින් රැස්වීමට කොළඹින් පක්ෂයෙ ඉහළ පට්ටම් දරන කිහිප දෙනකුටත් එන්න කියල ආරාධනා කළා. ඒත් මෑතකදි පුටු පාටියෙ ලොකුම ලේකම් පට්ටමකට පත්වුණ උන්නැහේ කෙනෙක් මිණිපුරේට එනවට නම් රුස්වීම සංවිධානෙ කරපු ඇමැති තැන කැමැති වෙලා නැහැ... ඒකට හේතුව උන්නැහේගෙ කටට බ්‍රේක් නැතිවීමලු.

මිණිපුරේ පුටු පාටියෙ කස්ටිය අතරෙ කවදත් වැඩි බලය තියෙන්නෙ හිටපු ලොකු තැනටයි. ඒ නිසා මේ ලේකම් මහත්තයල ඇවිත් කතා කරන කොට ජනතාව “හූ” සංග්‍රහයක් කරාවි කියලා සංවිධායකතුමා බයවුණාලු.

ඒ නිසා උන්නැහේ කල්තබාම මේ කරුණ ලේකම් තැන මුණගැහිලා කීවලු “ඔයා නම් මිණිපුරේට එන්න එපා... ආවොත් ජනතාව මොනවයින් සංග්‍රහය කරාවිද දන්නෙ නැහැ... ඕක මට බේරගන්නත් අමාරැයි...” කියල. පස්සෙ උන්නැහේ ඒ අවවාදෙ භාර අරන් ඇවිත් නැහැ... රැස්වීමට ආපු වෙනත් ලොක්කෙක් හිටපු ලොකු තැනට සභාවෙ කොක්කක් අදින්න ගිහිල්ලා එතන හිටපු ජනතාව උන්නැහේට සැර ප්‍රතිචාරයක් දැක්කුවලු... ඊට පස්සෙ එයා හෙමින්ම මාරුවුණා කියලත් ආරංචියි.

 2025 ජුලි 12 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 12 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 12 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 19 වන සෙනසුරාදා, ප.ව. 02:00