උඩරට පළාතෙන් ඡන්දෙ ඉල්ලල කවුන්සිල් ඡන්දෙ පැරදිලා පස්සෙ ජාතික ලැයිස්තුවෙ සරණින් දියවන්නාවට සපැමිණි කටකාර ඇමැති සයිස් මහත්තයෙක් පහුගියදාක තමන්ට ලොකු මුදලක් ලබාදෙන්න කියල කැබිනට්ටුව පැත්තෙන් ඉල්ලීමක් කළාලු... මෙයා ඒ සල්ලි ඉල්ලුවෙ මේ රටේ දුප්පත් ජනතාව සමෘද්ධිමත් කරන්න තියන වැඩසටහනකට මූලස්ථානයක් හදන්න කියලලු.
ඉල්ලපු මුදල මිලියන් ලොකු ගණනක්ලු... ඒ මුදලත් රටේ දුප්පත්ම ජනතාව රටේ පුංචිම බැංකුවක තැන්පත් කරල තියන සල්ලිය කියලයි ආරංචි.
ඉතින් මේ තරම් කෝටි ගණනක් හදිස්සියෙ බිල්ඩිමක් හදන්න ඉල්ලන්නෙ ඇයි කියල හොයල බැලූ බලධාරීන්ට උඩරට පළාතෙ හැදෙන මහ ගෙයක් පිළිබඳවත් තොරතුරැ වාර්තා වෙලා... කොහොම හරි ආණ්ඩුවෙ බලයලත් ලොකු ලොක්කො හුඟ දෙනෙක් මේකට විරෝධය පළ කරලලු...
මෙවැනි යෝධ බිල්ඩින් රටට ඕන නැහැ. ඕන නම් පොඩි එකක් කුලියට ගන්න කියල ආණ්ඩුවෙ ලොක්කො මේ ඇමැති සයිස් මහත්තයට උපදෙස් දුන්න කියල කියනව. ඒ නිසා දැන් උන්නැහේ මූණ දික් කරගෙනලු ඉන්නෙ.