ඊයෙ පෙරේද දවසක රටේ ලොකු මහත්තයා උතුරෙන් ආව. විපක්ෂයෙ ලොකු මහත්තයා හම්බුවෙලා සුහද කතාබහක නිරත වුණාලු. ඒ කතාබහ කෙළවර වුණේ නිල නිවාස ප්‍රශ්නයකින් කියල ආරංචියි...
විපක්ෂයෙ ලොකු මහත්තයට ආණ්ඩුවෙන් කොළඹ 7 ලොකු ගෙයක් කන්තෝරුවක් එහෙම දුන්නට උන්නැහේ තවමත් ඉන්නෙ එදා ඉඳලම ඉන්න තට්ටු ගෙදරලු. ජනතාව දුක් විඳිද්දි තමන්ට ලොකු ගෙවල් එපා කියලලු උන්නැහේ මෙහෙම ඉන්නෙ...
ඒත් උන්නැහේගෙ වයසත් එක්ක මේ උඩම තට්ටුවක තියන තට්ටු ගෙදරට යන එන එකත් ප්‍රශ්නයක්ලු...
ඉතින් රටේ ලොකු මහත්තයා මේ විපක්ෂ ලොකු මහත්තයට කිව්ව &මම දන්නව ඔබතුමාට තියන ගමන් අපහසුව. ඒ නිසා දැනට අවුරුදු දෙක තුනක් වහලා තියන නිල නිවාසෙට දැන්වත් යන්න. එහෙම යන එක වරදක් නෙවේ... නොයන එකයි වරද...
රටේ ලොකු මහත්තයා බොහොම ඕනෑකමින් දුන්න අවවාදෙ පිළිගත්ත විපක්ෂයෙ ලොකු මහත්තය ලබන 15 ද ඉඳලා නිල මැඳුරට සැපත් වෙන්න තීන්දු කළාලු.