2017 අගෝස්තු 26 වන සෙනසුරාදා

ද්විත්ව චරිත නිරූපණය

 2017 අගෝස්තු 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 438

ඡන්ද පවත්වන්න මිසක් නවත්තල කල්දාන එක ගැන හුඟක් පක්ෂ අකමැතියිලු. 

ඒත් ප්‍රසිද්ධියේ ඒකට අකමැත්ත ප්‍රකාශ කරල යටින් ඡන්ද කල්දාගන්න ට්‍රයි කරන දේශපාලන ලොක්කෙක් සුළු පක්ෂයක ඉන්නව කියල ආරංචියි.

උන්නැහේලගෙ පක්ෂය සුළු වුණාට දියවන්නාවේ නම් උන්නැහේලා ආණ්ඩුව ළඟට ඉන්න කස්ටිය වගෙයි රඟපාන්නෙ... 

ඉතින් මේ පක්ෂයේ ඉන්න ලොකු මහත්තයා රටේ ඉහළම පුටුවක ඉන්න ලොකුම ලොකු මහත්තයෙකුගෙන් පළාත් බබා ඡන්දය කොහොමහරි කල්දාන්නය කියලා හොර රහසේම ඉල්ලලා...

ඒකට හේතුව තමන්ගෙ බලය වැඩිකර ගැනීමත් තවත් බලවත් පළාත් ලොක්කෙක්ගෙ බලය අඩු කිරීමත්ලු.

ඒ නිසා එළියෙ ඡන්ද කල්දැමීමට විරැද්ධ උන්නැහේ ඇතුළෙදි ඡන්ද කල් දාගන්න ෆුල් ට්‍රයිලු.

 2025 ජුලි 12 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 12 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 12 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 19 වන සෙනසුරාදා, ප.ව. 02:00