පසුගිය දවස්වල ඇමැති පට්ටම් මාරු වෙච්ච ආණ්ඩුවෙ එක්තරා ලොක්කෙක් ගැන හිටපු ලොකු නෝනා සැර කතා ගොඩක් කරන්න පටන් අරන් කියල ආරංචියි...
එයා හිටපු අමාත්‍යංශය වගේම දැන් ඉන්න අමාත්‍යංශයත් පවුල් පාලනේට යට කරලයි කියලා මේ නෝනට කේන්තියිලු...
තමන් එක්ක කලක් බොහොම යටහත් පහත්ව ආශ්‍රය කරපු මේ ඇමැති තැන ගම්පහ පැත්තෙන් මඩුබස්සන්න යන හිටපු ලොකු නෝනගෙ පුත්‍රයටත් ඒ හැටි සහයෝගයක් දෙන පාටක් නැහැ කියනවා... ඒකත් මේ ඔරොප්පුව හේතුවක්...
පසුගියදා තමන් කලින් කරපු ඇමැතිකම මාරු කරද්දි ඒක නවත්තගන්න මේ නෝනගෙන් උදව් ඉල්ලන්න ඇමැතිතුමා ගියේ ඇස්වල කඳුළුත් පුරෝගෙනලු.
එහෙම ගිය ඇමැති තැන දැක්ක ගමන් එයාට ඇඬෙන්නම හොඳ ටෝක් එකක් දීලා ඇමැති තැනට ආපු අතක් බලාගන්න කියලා හිටපු ලොකු නෝනා ගෝරණාඩු කළාලු.