2017 අගෝස්තු 26 වන සෙනසුරාදා

යන කට්ටිය සැට්වෙලා

 2017 අගෝස්තු 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 485

ආණ්ඩුවෙන් ගන්න හදනවය කියන කණ්ඩායමේ ඇමැති මට්ටමේ කස්ටියගෙ රුස්වීමක් පසුගියදාක නාවල පැත්තෙ ඇමැති නිවසක තිබුණලු. 

මේ පිරිස ඉවත් වුණොත් නඩුහබවලට මුහුණ දෙන්න වේවි කියල ආණ්ඩුවෙ ඉහළ ලේකම් පදවියක් දරන කෙනෙක් කරපු අනතුරැ ඇඟවීමක් ගැන කතා කරන්නලු මේ අය රුස් වුණේ. 

එවැනි අභියෝගයක් ආවොත් මුහුණ දෙන ක්‍රමය සාකච්ඡා කරල මෙයාල තීන්දුවකටත් ආවලු. 

කොළඹ - වයඹ - සබරගමුව වගේ පළාත්වල ජ්‍යෙෂ්ඨ ඇමැති කස්ටියලු මෙතන හිටියෙ

ආණ්ඩුවෙ තවත් හිටියොත් වරායවල්, කළුතර පැත්තෙ ඉඩම් විතරක් නෙවේ අධිවේගී මාර්ග විකිණීමේ වැඩවලටත් අහුවෙන්න පුළුවන් කියල මෙතන හිටපු ප්‍රේමණීය ඇමැතිතුමෙක් කීව කියලත් ආරංචියි. අන්තිමේදි ලබන මාසේ දෙවැනි සතියේ සුබ නැකතකින් ඉස්සර බලමු කියල කස්ටිය රාත්‍රි භෝජනයකින් පස්සෙ විසිරී ගියාලු.

 

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00