2017 අගෝස්තු 26 වන සෙනසුරාදා

ඡන්දෙට සැරසීම

 2017 අගෝස්තු 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 367

අලි පාටියෙයි පුටු පාටියෙයි ලොක්කො දෙන්නෙක් තුන්දෙනෙක් ලොකු ඡන්ද කතාවකට පැටලිලා හිටියෙ දියවන්නා කවුන්සිල් ලොබියෙ...

කතාව ගියේ ඉස්සරහට එන පළාත් බබා ඡන්දය ගැනයි... කතාවේ මාතෘකාව දිනිල්ලයි පැරදිල්ලයි ගැනලු... රජරටින් ආපු අත පාටියෙ ලොක්කා කිව්ව... මේ පාර රජරට සභාව අලිය පිට යයි කියලයි... ඒකට හේතුව පොහොට්ටුවෙයි පුටුවෙයි ආරවුල කියලත් උන්නැහේ විග්‍රහ කළා... සන්ධානෙ ලේකම් නම් කරන අයත් එතන ඉඳන් ඒකට ඔළුව වැනුවලු...

ඒක එහෙම වුණාට සබරගමුවේදිනම් පොහොට්ටු කාරයොත් එක්ක අමාරුයි කියන කතාවත් කියැවුණා. නැගෙනහිර අපි කටවත් නැහැනෙ කියලත් විග්‍රහ කෙරුණා... ඒ හින්දා ඡන්දයට කලින් වැව් හාරන්න. සහන දෙන්න ඉක්මන් වැඩපිළිවෙළක් හදන්න රජරට ලොක්ක යෝජනාවකුත් ගෙනාවා...