කොළඹ කොටුවේ තියෙන තරු පහේ හෝටලේක ස්විමිං පූල් එක ළඟ කස්ටියක් රැස්වෙලා හිටියා...
මේ අය අතරෙ ආණ්ඩුවෙ ඇමැති මට්ටමේ මහත්තයෙකුත් හිටියා... මෙයාලා එතන ඉඳන් රටේ තොටේ දේශපාලනේ ගැන බර කතාවකට වැටිලයි උන්නෙ.
එතන හිටපු අයගෙන් වැඩිපුරම කතා කළේ ඇමැතිතුමා කිව්වොත් වරදක් නැහැ...
උන්නැහේ මේ ආණ්ඩුවෙන් ඇමැති පට්ටම් ලබාපු ගිය ආණ්ඩුවෙත් හිටපු මහත්තයෙක්. උසස් නීතිඥ පවුලක කෙනෙක්... හැබැයි එයාගෙ විෂය උසාවිවලට සම්බන්ධ එකක් නෙවේ...
ඡන්දවලට සම්බන්ධ එකක් කීවොත් වරදක් නැහැ.
ඉතින් මෙතන රැස්වෙලා හිටපු අය සේරම මිත්‍රයෝ නිසා විහිළු කතා, සරල කතා, ඇත්ත කතා හුඟක් කියැවුණාලු. අපේ ඇමති සයිස් මහත්තයත් අපූරු කතා ගොඩක් කීව කියලා ආරංචියි...
එයාගෙම භාෂවෙන් කිව්වොත් මෙන්න මෙහෙමයි කියො තියෙන්නෙ... “මේ ආණ්ඩුව රැකිලා තියෙන්නෙ අපි නිසා... අපි වේදිකාවක් වේදිකාවක් ගාණෙ කියන “අරවා” නිසා. ඒ වුණාට මෙයාලට ගාණක් නැහැ. අපි තමයි බැණුම් අහන්නෙ...” උන්නැහේ ආණ්ඩුව රකින්න කියන “අරව” මොනවද කියලා එයා විස්තර කළේ නැතත් ඔබට හිතාගන්න පුළුවන් ඇති...