කොළඹ කිට්ටුව ලොකු බැංකුවක පෞද්ගලික සේප්පුවක විශාල වශයෙන් මුදල් තැන්පත් කරන එක්තරා හිමිනමක් ඉන්නවය කියලා හැම තැනම එක කතාවයි.
නුගගස් ගොඩක් තියන පැත්තක පිහිටි ආරාමෙක වෙසෙන මේ හිමිනමට මේ තරම් සල්ලි ගලා එන්නෙ කොහෙන්ද කියල එතුමන් උදව් කරන දේසපාලන පක්ෂයෙම අයත් අහන්න පටන් අරන්. සමහර අය කියන්නෙ මේව ආණ්ඩුවෙ එක්තරා ප්‍රශ්න සහගත දේශපාලන භවතෙක්ගෙ වත්කම් වෙන්න පුළුවන් කියලයි.
රජයේම නොයෙක් තැන්වලට සම්බන්ධ ව්‍යාපාර අංශවලත් නිතර නිතර ගැවසෙන මේ හිමිනමගෙ බැංකු කතාව පසුගියදා පාර්ලිමේන්තු ලොබියෙ ආණ්ඩුවෙ විපක්ෂයෙ මන්ත්‍රීන්ගෙ කතාබහට ලක්වුණ ලොකු මාතෘකාවක් වුණාලු.