2017 ජුලි 29 වන සෙනසුරාදා

නයි මුගටි සටනක්

 2017 ජුලි 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 616

මේ කතාව නෑයො දෙන්නෙක්ගෙ කුළල්කා ගැනීමක් ගැනයි. දෙන්නම දේසපාලනයෙ බලවත් චරිත ඉන්නෙ මධ්‍යම පළාතෙ එක්කෙනෙක් මහ විසාල ඇමැති කෙනෙක්. අනික් එක්කෙනා ඒ පැත්තෙ ආණ්ඩුව කරවන තැනැත්ති කිව්වොත් නිවැරදියි.

පසුගිය කාලෙ පුරාම මේ දෙන්නගෙ අළුයට ගිනි සටනක් තිබුණා... කොහොමටත් ළඟ ළඟ ඥාතීන් ආරවුල්වලට පැටළුණාම සටන නැගලම යනවනේ.

දැන් මේ සටන හා අලුත්ම ජවනිකාව කරළියට ගේන්න සූදානම්ලු... ඒකෙදි වෙන්නෙ පළාතෙ බලවත් නෝනව එරෙහිව විශ්වාසභංගයක් ගෙනඒමය කියලයි ආරංචි...

මේකට පළාතෙ බලවත්ම චරිත ගණනාවක් තිරය පිටිපස්සෙ ඉඳල උල්පන්දම් දෙනවලු. ඒත් රටේ ඉහළම තැන්වල ආශිර්වාදය බලවත් නෝනට තියන නිසා කියන තරම් යකා කළුවෙන්නෙ නැහැ කියලා බලවත් නෝනා කියනවා... ඒ අතරේ පළාතෙ ලොකුම ඇමැති සයිස් බලවතාගෙ ප්‍රශ්න එකින් එක අරගෙන ඒව ඉහළට දැන්වීමටත් බලවත් නෝන පියවර අරන්ලු.

ඒ නිසා ළඟදීම මේ නයි - මුගටි සටනෙ උද්වේගකර ජවනිකා රඟ දැක්වෙන්න ඉඩ තියෙනවලු.