2017 ජුලි 29 වන සෙනසුරාදා

අලුත් කුමාරයෙක් එනවලු!

 2017 ජුලි 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 548

අලි පාටියෙ ඉන්න උප ඇමැති සයිස් මහත්තයෙක් හරි සැර කතා කියන්න පටන් ගත්ත... පාටියෙ ලොකුමහත්තයල උන්නැහේට කිව්ව ඔය විදියට ගෙදර අයට බැණ බැණ ගෙදර ඉන්නෙ ඇයි ඕන නම් යන තැනක යන්න පුළුවන් කියලත්...

ඒත් ඒක අහන්නෙ නැති අන්දරේලගෙ පරපුරෙන් එන උප ඇමැතිතැන කවුරු කොහොම කිව්වත් තමන් කට වහන්නෙ නැහැ කියලා ආයෙමත් ඝෝෂා කළා...

දේසපාලනේ හුඟදෙනෙක් රඟපාන නිසා රඟපෑම පුරුදු උන්නැහේ මේ කරන්නෙත් රඟපෑමක් ද කියල සමහරු සොයන්න පටන් ගත්තා...

කාරණා කාරණා හොයාගෙන යනකොට තැන් තැන්වලින් මේ ගැන පුංචි පුංචි තොරතුරැ පක්ෂයට වාර්තා වුණා කියල ආරංචියි...

මුන්නැහේ මේ ආකාරයට තියන ක්‍රමයට දොස් පරොස් කිය කිය කරන්නෙ ලංකාවෙ බලවත්ම පවුලකින් දේසපාලනේට එන්න හදන අලුත්ම තරුණයකුට පාර කපන එකය කියල ඉහළට දැනගන්න ලැබිලා...

මේ තරුණයගෙ සීයල ආච්චිල අම්මල නම් රටේ ඉහළම පුටුවෙ වාඩිවුණ අය තමන්ගෙ පියා ජීවිතෙ පූජා කළෙත් දේසපාලනේ නිසයි. ඉතින් කාලයක් දේසපාලනේ අප්පිරිය කරපු උන්නැහේ තමන්ගෙ මවගෙ ආශිර්වාදෙන් පරම්පරාවෙන් උරුම වුණ ආසනේට එන්නයි හදන්නෙ.

අපේ වලි උපඇමැතිතුමත් මේ තරුණයට නෑයොලු... මොරටු පුරේ හිටපු තවත් ඇමැති සයිස් මහත්තයකුත් මේ වැඩේට සපෝට් කියලා ආරංචියි.

ඉතින් මේ සියලු දෙනා අර තරුණයාගෙන් විමුක්තිය හොයන්න අලුත් දේශපාලන කූඩුවක් හදන් යනවය කියලා හීනියට ආරංචියක් පැතිරෙනවා. හෙට අනිද්දට මේ කතාව ඇත්ත නැත්ත බලාගන්න පුළුවන්...