2017 ජුලි 22 වන සෙනසුරාදා

එතුමාට විරුද්ධ පැමිණිල්ල පවුලෙන්මලු

 2017 ජුලි 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1159

ආණ්ඩුවෙ ඉන්න ඉතාම ජ්‍යෙෂ්ඨ ඇමැති සයිස් මහත්තයෙක් ගැන අල්ලස් දූෂණ කස්ටියට පැමිණිල්ලක් ඉදිරිපත් කරලය කියලා එක කතාවයි...

මෙතන තියන වැදගත්ම කතන්දරේ තමයි ඒ පැමිණිල්ල කරල තියෙන්නෙ උන්නැහේගෙ පවුලෙ ඉතාම සමීප කෙනෙක් නිසයි...

ඇමැතිතුමාට තියන දේපොළ වස්තුව ගැනත් පැමිණිල්ලෙ සඳහන් වෙලාලු... ඒ දේපොළ ගෙවල් දොරවල් විතරක් නොවෙ බී.ඇම්.ඩබ්ලිව් වර්ගයේ වාහන වලිනුත් සමන්විතලු.

ඉතින් පවුලෙම කෙනෙක් මේ නිර්මල හදවතක් තියන ඈත පළාතකින් පත්වෙච්ච ඇමැතිතුමාට විරුද්ධව පැමිණිල්ල දාලා තියෙන්නෙ පවුලෙ අයට ලැබෙන්න තියන දේපොළ වෙනත් කෙනකුට දෙනවය කියන චෝදනාව අනුවලු.

මේ වාසනාව තියෙන කෙනා වෛද්‍ය වෘත්තියට සම්බන්ධ කෙනෙක් කියලයි තතුදත් අය කියන්නෙ. ගෙවල් කිහිපයක් විතරක් නෙවේ පවුලෙ කෙනෙක් ඉල්ලපු වාහනේකුත් මේ විදියට උන්නැහේ දන් දීලලු... ඉතින් මේක ඉවසාගෙන ඉන්න බැරිම තැනලු පවුලෙ කස්ටිය නීති මාර්ගෙට ගියේ...

පුටු පාටිය නියෝජනය කරන මේ බලවතාගෙන් තෑගි ලබන්න වාසනාව ලැබූ කෙනා හිටපු ලොකු තැනගෙන් ළඟ නෑයෙක්ලු...

ඉතින් දැන් හැමෝම බලන් ඉන්නෙ පවුලෙ කස්ටියගෙ පැමිණිල්ලට වෙන්නෙ මොකද්ද කියලලු... මොනව වුණත් සටන අතාරින්නෙ නැහැ කියලා එයාලා කියන බවටත් ආරංචියි.

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00