මේ වසරේ අග එනවය කියන පළාත් පාලන ඡන්දයෙදි කොළඹ මහනගර සභාවට තද සටනක් දෙන්න ඒකාබද්ධ විපක්ෂය තීන්දුවක් අරන්... ඒකට සුදුසු අපේක්ෂකයා තෝරන්න දැන් තිරය පිටුපස ලොකු ගේම් එක්ක යනවා කියලා දැනගන්නට තියනවා...
ඡන්දය දිනාගන්න නම් ඒකාබද්ධයෙන් කොළඹ නගර සභාවට දාන අපේක්ෂකයා සුළු ජාතික කෙනෙක් විය යුතු යැයි තීන්දුවක් අරන්.
මේකට සුදුසු අපේක්ෂයෝ සොයද්දී එක්තරා ප්‍රබල මුස්ලිම් පවුලක කාන්තාවකගෙ නම යෝජනා වෙලාලු... ඒ නෝනගෙ මහත්තයත් නගර සභාවෙන් දේසපාලනේ පටන් අරන් ඉහළටම ගිය කෙනෙක් කියල ආරංචියි...
ඉතින් මහින්ද උන්නැහේල නිල නොවන මට්ටමින් දැන් මේ නෝන මහත්තයට තමන්ගෙ කණ්ඩායම් නායකත්වය භාරගන්න කියල ඉල්ලීමක් කරලලු... ඒත් එයාගෙ පැත්තෙන් තාම ප්‍රතිචාරයක් නැහැ කියලයි කතු දත් අය කියන්නෙ... කොහොම නමුත් හොඳ ප්‍රතිචාරයක් ලැබේවි කියලා මහින්ද උන්නැහේල බලන් ඉන්නවලු...