2017 ජුලි 15 වන සෙනසුරාදා

ප්‍රචාරය කළේ එයා

 2017 ජුලි 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 435

ගිය ආණ්ඩු කාලෙ දියවන්නා කවුන්සිලේ හිටපු කතානායක තැනට පසුගියදා දුරකතන ඇමතුමක් ආවලු. ඒක දුන්නෙ රටේ නායකයා වශයෙන් හිටපු තමන්ගෙ සහෝදරයගෙ නමින්ම හැඳින්වෙන ගිරැවාපත්තුව පළාතෙම ඇමැති සයිස් මහත්තයෙක්...

උන්නැහේ මේ ඇමතුම දුන්නෙ ගිය ආණ්ඩුව කාලෙ ආරක්ෂක වැඩභාරව හිටපු මේ පවුලෙ සහෝදරයෙක් ගැන පසුගියදාක තමන් විසින් කළාය කියලා ප්‍රචාරය වුණ කතාවක සුලමුල කියන්නලු...

තමන් ඒ කතාව නොකී බවට හිටපු කතානායකට සහතික වුණ ඇමැති තැන මේ බොරැව ප්‍රචාරය කළේ රාජක්ෂ පවුලෙම කෙනෙක්ය කියලා චෝදනාවකුත් නැගුවලු. කව්ද ඒ කියල හිටපු කවුන්සිල් ලොක්ක ප්‍රශ්න කළාම ඒ පවුලෙ තරැණ මන්තිරි කෙනෙක්ගෙ නම කිව්වලු...

එයා තමයි මේ කතාව ප්‍රචාරය කළේ. මට මන්ත්‍රීල දෙතුන් දෙනෙක්ම ඒ කතාව කිව්ව කියලා ඇමැති තැන වැඩිදුරටත් කිව්වා... ඒකට උත්තර දුන්න හිටපු කවුන්සිල් ලොක්කා
“මට නම් එයා එහෙම කතාවක් කියලා නැහැ... අපට කතා කළ අයනම් කිව්වෙ ඔයා ඒක කිව්වය කියලයි. ඒත් ඉතින් දැන් නැහැ කියනවනම් අපි ඒක බාරගන්නම්කො”... කියලා... හිටපු කවුන්සිල් ලොක්ක බොහොම නිවිච්ච හඬින්... ඒත් තදින් කිව්ව කතාව හමාරවුණා...

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00