2017 ජුලි 08 වන සෙනසුරාදා

මන්තිරිතුමාගෙ නෝක්කාඩුව

 2017 ජුලි 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 345

ඌව පළාතෙ ලොකු සටනකට මුල්වෙච්ච උමා ඔයෙ ප්‍රශ්නය විසඳන්න ආණ්ඩුවෙ මහ කන්තෝරුවෙ ලොකු සාකච්ඡාවක් තිබුණා...

ඒකට පළාතෙ ජනතාව වගේම පොදු ජන සංවිධානත් ප්‍රශ්න ගැන හයියෙන්ම කෑගහන විද්‍යා උන්නැහේටත් ආරාධනා ලැබිල තිබ්බ.

ඒත් මේ සාකච්ඡාවට පළාතෙන් පත්වෙච්ච අලි පාටියෙ මන්තිරි තැනට ආරාධනාවක් නැතිලු. උන්නැහේට හිතාමතාම ආරාධනා නොකළද. නැත්නම් අමතක වීමකින් උනාද කියල කවුරුවත් දන්නෙ නැහැ.

කොහොම වුණත් පළාතෙ මන්තිරි නැතුව පළාතෙ ප්‍රශ්න විසඳන්න යෑම නිසා මන්තිරි තුමාට වුණේ වස ලැජ්ජාවලු. ඒකට මල පැනපු මන්තිරිතුමා එක පාරටම තීන්දු කළේ මින් ඉදිරියට කවුන්සිලේදි පැත්තක් නොගෙන ස්වාධින වෙන්නයි. ඒ බව උන්නාන්සේ ප්‍රසිද්ධියේම කියන්නත් පටන් අරන්.

 

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00