2025 අගෝස්තු 16 වන සෙනසුරාදා

මාර ගැහිල්ලක්

 2025 අගෝස්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00 1014

එසේ මෙසේ කෙනෙක් ගැන නෙවෙයි මේ කියන්නේ. මුන්නැහේ හිටපු ඇමැති පස්සේ මහ ඇමැති කෙනෙක්ලු‍. ඊළඟට පළාත් ආණ්ඩුකාරයෙක්ලු‍.

මුලින්ම තැපැල් නයින්ටියෙන් වැඩ පටන්ගත්ත මුන්නැහේ අවුරුදු කිහිපයක් තුළ ප්‍රකෝටිපතියෙක් වුණාලු‍. ඊට පස්සේ සද්ද බද්ද නැතුව ගෙදර ගියාට උන්නැහේගේ හම්බකිරිල්ලට අදාළ ලිපිගොනු ආණ්ඩුවේ මහ කන්තෝරුවේ දැන් සලකා බලමින් ඉන්නවා කියලයි ආරංචි. ළඟදිම ඒවා අල්ලස් කොමිසමට යවන්නත් තීන්දු කරලා.

කොච්චර සවුත්තු විදිහට උන්නැහේ හම්බකරල තියෙනවද කියලා කියනවනම් මාසිකව හම්බවෙන තෙල් සලාකය පවා ශුද්ධ බුද්ද කරලා කියලයි රටේ මහ කන්තෝරුවේ කතාබහ වෙලා තියෙන්නේ.

ඒ අනුව ළඟදිම මෙයාගේ වත්කම් පිළිබඳව පරීක්ෂණයක් කරලා අලු‍ත්කඩේ පැත්තටම කැඳවන්නයි තීන්දු වෙලා තියෙනව කියන්නේ.