මුහුදට සම්බන්ධ ආරක්ෂක අංශයේ කට්ටියක් කරපු පරණ සිද්ධි කිහිපයක් ගැන හොයන්න පරීක්ෂණ පටන් අරන්ලු.
ඒකට හිටපු ලොක්කෝ කිහිප දෙනෙක් පස්සෙනුත් යනවනේ රහස් හොයන කණ්ඩායමක්. මාර වැඩේ කියන්නේ රහස් හොයන අය එයාලගේ කඳවුරුවලට ඇවිල්ලා පරීක්ෂා කරන එක ගැන හොයන්න යද්දි එයාලගේ කඳවුරුවල ඉන්න රහස් හොයන ලොක්කෝ කිහිප දෙනෙක් මේ කට්ටිය ගැන හොයන්න දාලලු.
කොහොම හරි රහස් කණ්ඩායම මේ කරදරය ගැන ආරක්ෂක අංශයේ ලොක්කන්ට කිව්වලු. ඒත් එයාලා නෙමේලු ඒකට මැදිහත් වුණේ. මොකද එයාලගේ අය රහස් හොයන කට්ටිය දඩයම් කරනවා කියලා එයාලා හිතන නිසාලු.
මේ නිසා දැන් මේ රහස් කණ්ඩායම් අතර ගැටුම ලොකු තැන ගාවට යනකල්ම උඩ යන තත්ත්වයක්ලු තියෙන්නේ. ලොකු තැන මොනවා කියයිද කියලලු බලාගෙන ඉන්නේ.