2025 ජුලි 26 වන සෙනසුරාදා

කැම්පේන් එකක් පටන් ගන්නවලු‍

 2025 ජුලි 26 වන සෙනසුරාදා, ප.ව. 02:00 698

දකුණෙන් කොළඹට ඇවිල්ලා ලොකු තනතුරක තැන්පත් වුණු කළුකෝට්ධාරී මහත්තයෙක් ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන ප්‍රචාරක ව්‍යාපාරයක් පටන් අරගෙනලු‍. කාටත් හොරෙන් වගේ පටන් ගත්ත මෙම ප්‍රචාරක සටනට සමාජ මාධ්‍ය සහයෝගය ගන්න පහුගිය දවස්වල උන්නැහේ රහසිගතව සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් විසි දෙනෙක් විතර හමුවුණාලු‍. මේ වැඩේ සංවිධානය කරලා තියෙන්නේ මෙතුමාගේම පුත්‍රයා විසින් කියලත් ආරංචියි.

සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගෙන් පස්සේ එතුමා තමන්ගේ ඡන්ද ප්‍රචාරක ව්‍යාපාරයට සහයෝගය ගන්න විශ්‍රාමික ආරක්ෂක නිලධාරීන්, විශේෂයෙන් පොලිසියේ හිටපු කණ්ඩායමකුත් රහසිගතව හමුවුණා.

කොහොම නමුත් දැන්ම තමන්ගේ ප්‍රචාරක ව්‍යාපාරය හෙමින් හෙමින් දියත් කරන්නත් මේ කණ්ඩායම් කටයුතු කරමින් ඉන්නව කියලා තතු දත් ආරංචි මාර්ග සඳහන් කරනවා. මේ ඡන්ද සටනෙන් පස්සේ තමන් රටේ නායකයා වුණොත් හොඳටම රට කරන්න පුළුවන් තමන්ට තමයි කියලා උන්නැහේගෙ ලොකු විශ්වාසකුත් තියෙනවලු‍.

 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00