2025 ජුලි 19 වන සෙනසුරාදා

කලකිරීමෙන්ලු

 2025 ජුලි 19 වන සෙනසුරාදා, ප.ව. 02:00 1503

රටේ රහස් හොයන ආණ්ඩුවෙ තැනකට ලොක්කෙක් ආවනේ පහුගිය කාලේ. එයා විශ්‍රාම ගිහින් ආවේ නැවත පහුගිය ඇත්තෝ කරපු හොර අල්ලන්නමයි. ඉතින් මෙයා සෑහෙන්න වැඩලු‍. ඒත් ඇතුළේ ලොකු ලොක්කන්ට ටිකක් වැඩේ අවුල් වගේලු‍. ඒකට හේතුව ඇතුළේ වෙන සමහර දේවල් ආණ්ඩුවේ සමහර අය කතා කරලා අහද්දී, තැන් තැන්වල් කියද්දී මේවා කොහොමද ගියේ කියලා කට්ටියටම පුදුමලු‍.

කොහොම වුණත් ආණ්ඩුවේ ගොඩක් අය අර උඩ කිව්ව කෙනාට කතා කරලා විස්තර ගන්නවලු‍. එයත් දෙනවලු‍. ඉතින් පොලිසියේ ලොක්කෝ සමහර දේවල් දන්නෙත් පස්සෙලු‍. මේ වැඩේ ටිකක් අවුල් නිසා පොලිසියේ ලොක්කෝ ඉන්නේ හරිම කලකිරීමෙන්ලු‍ එයාට ඇයි විශේෂ සැලකීමක් කියලා.

 

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00