2025 ජුලි 19 වන සෙනසුරාදා

පරණ නෑයො එන්න පටන් අරන්ලු‍

 2025 ජුලි 19 වන සෙනසුරාදා, ප.ව. 02:00 1014

කොළඹ විජේරාම පැත්තෙ ඉන්න හිටපු ලොකු මහත්තයකුගේ ගෙදරට මේ දවස්වල පරණ නෑයෝ එන්න පටන් අරන් කියලයි ආරංචි. පහුගිය කාලේ උන්නැහේ එක්ක ඉඳලා ඊට පස්සේ අලි පාටියෙ ලොක්කා ළඟට ගිය සමහරු තමයි මේ විදියට එන්න පටන් අරන් තියෙන්නේ. ඊට අමතරව ටැලිපෝන් පක්ෂය නියෝජනය කරන දෙතුන් දෙනකුත් රහසිගතව උන්නැහේ හමුවෙන්න අවසර ඉල්ලලලු‍.

රත්නපුරෙන් කළුතරින් වගේම කොළඹ අවටිනුත් පොහොට්ටුවේ ඉඳලා පහුගිය කාලයෙ ඈත්වෙච්ච අයට එකපාරටම හිටපු ලොකු තැන මතක් වෙලා තියෙන්නේ ඇයි කියලා සමහරු අහනවා. මේ හුඟ දෙනකුට නඩු හබත් වැටිලා සමහරුන්ට හව්හරණක් නැති තැනටම කරුණුත් යෙදිලා. ඒ හින්දා පරණ මහ ගෙදර මතක් වෙලා කියලා දිගටම හිටපු අය කියන්න පටන් අරන්.

හිටපු ලොකු තැන දාලා ගියපු අය ආපහු එනවට පක්ෂ ලොකු තැන්වල ඉන්න සමහර අය නම් කැමති නැහැ. ඒ වුණත් මහින්ද මහත්තයා ඡන්ද දිනන්න දූවිලිත් අවශ්‍යයි කියන නිසා පරණ කට්ටිය එක්ක සුහදව ඉන්න හිත හදාගෙන කියලයි තතු දත් අය කියන්නේ.