2025 ජුලි 12 වන සෙනසුරාදා

හිත් හදන්න යනවලු

 2025 ජුලි 12 වන සෙනසුරාදා, ප.ව. 02:00 308

රාජ්‍ය ආයතන බහුතරයක ඇවිල්ලා තියෙන ප්‍රශ්නයක්ලු‍ මේක. ඉස්සර ඉක්මනින් වෙන වැඩ දැන් ටිකක් මන්දගාමීලු‍. සමහර දේවල්වලට හිතුවටත් වැඩි කල් යනවලු‍.

ඒකට හේතුව වෙලා තියෙන්නේ ගොඩක් ආයතනවල පහළින් විසඳගන්න තියෙන ප්‍රශ්නත් උඩ ලොක්කන්ට යවන්න පටන් අරන් නිසාලු‍. වර්තමාන ආණ්ඩුව වැරදි කරන අය ඉක්මනින් අල්ලන නිසා ඒවා ගැන තොරතුරු දෙන්නත් ඒ ආයතනවල සමහර අය ඉන්න නිසා රාජ්‍ය නිලධාරීන් වැඩ කරන්නේ නූලට තිතටලු‍.

 මේ නිසා සමහර රාජ්‍ය ආයතනවල ලොක්කන්ට ඔළුවේ නිදහසක් නෑලු‍. රෑ වෙනකල් වැඩලු‍. මොකද පොඩි උන්දැලා හැම එකම ලොක්කට යවන නිසා ලොක්කට හුස්ම ගන්න බෑලු‍. මෙන්න මේ තත්‍ත්වය දසමයකින්වත් වෙනස් කරන්න කවුරුත් බයයිලු‍ හිරේ විලංගුවේ වැටෙන්න වෙයි කියලා. මේක ආණ්ඩුවට ආරංචි වෙලා ආණ්ඩුව ලොකු උත්සාහයක් ගන්නවලු‍ මේ අයගේ හිත් හදන්න.