බස්නාහිර පළාතේ කළු පාට නමක් තියෙන දිස්ත්‍රික්කයක හිටපු ඇමැති සයිස් මහත්තයෙක් ඉන්නවා. ඒගොල්ලන්ට බලය තියෙන කාලෙ නම් උන්නැහේලා හොඳ රජ කතා කාරයෝ. ඒත් දැන් නම් උන්නැහැලා කට අරින්නේ බත් කන්න විතරයි කියලයි කියන්නේ.
ඒකට හේතුව උන්නැහේටත් වාහන කේස් එකකට ලොකු චෝදනාවක් එල්ල වීමලු. ඒ චෝදනාවේ හැටියට මෙයා ඕන වෙලාවක ඇතුළට දාන්න පුළුවන් තත්ත්වයක්ලු තියෙන්නේ. ඒ හින්දා පරෙස්සම හොඳයි කියලා එයා කට පියාගෙන ඉන්න තීන්දු කරලලු.
එක චෝදනාවක් විතරක් නෙවෙයි දැනට තවත් චෝදනා පත්තරයක්ම එයාට ලෑස්ති වෙමින් පවතිනවලු. පහුගිය කාලේ තමුන් හිටපු පක්ෂ පාට මාරු කරලා ඉන්න මෙයා ගැන රාජපක්ෂිකයොත් කතා කරන්නේ නැතිලු. ඉතින් මේ රත්තරන් මනුස්සයට වෙච්ච දේ ගැන එයාගේ හිතවත්තු හරි දුකෙන්ලු ඉන්නේ.