පහුගිය කාලේ නීතිය රකින ආයතනයේ කරපු කියපුවා රටටම කිව්ව ප්‍රකාශකතුමා හදිසියේ පුලතිසිපුරට මාරුවක් අරගෙන ගියාලු. ටික දවසක් විදෙස් පාඨමාලාවකට සෙට් වුණු මෙයා ලංකාවට එද්දිම යන්න ඉල්ලලලු තිබුණේ. එක පාරකුත් මෙයා අයින් වෙන්න ගියාට වැ.බ ලොක්කා යන්න දුන්නේ නෑලූ. ඒ නිසා ඉවසන් හිටියලු.
හැබැයි මෙයා මේ හදිසියේ ගියේ කලකිරීමක් නිසාලු. මොකද එයාලා කරන්න ඕන දේවල් ආණ්ඩුවේ සමහර ඈයෝ තැන් තැන්වල වේදිකාවල කියන නිසා එයාගේ ප්‍රකාශය ජනතාවට පුස්සක් වෙලාලු. එයාට ජනතාව දෙහි කපන්න වෙලාලු. මෙන්න මේ දේශපාලනය එක්ක නීති වැඩ කරන්න බැරි නිසා මෙයා හිතට එකඟව අයින් වෙන්න තීරණය කළාලු. ඒ අනුවලු එයා පුලතිසිපුර ගියේ.