2025 ජුලි 05 වන සෙනසුරාදා

ටිකට් ඇදෙන්න යන දෙන්නෙක්

 2025 ජුලි 05 වන සෙනසුරාදා, ප.ව. 02:00 130

ළඟදිම ටිකට් එක ඇදෙන්න යන ආණ්ඩුවෙ ලොකුම තනතුරු දරන දෙන්නෙක් ගැන ආරංචියක් යනවා.
මේ එක්කෙනෙක් ප්‍රවාහන විෂයට සම්බන්ධ අමාත්‍යාංශයක ලොක්කෙක්ලු‍. අනික් එක්කෙනා පහුගිය දවස්වල ආණ්ඩුවට ප්‍රශ්නයක් ඇතිවෙච්ච සිදුවීමකට වගකිව යුතු බව කියන මුදල් අංශයෙ ලොකුම දෙපාර්තමේන්තුවක ප්‍රධානියෙක්ලු‍. මෙයා ගැන පහුගිය දවසක දියවන්නා කවුන්සිලයේත් කියැවුණු බව ආරංචියි. 

කොහොම හරි මේ දෙන්නගෙන් එක්කෙනෙක් ගෙදර යවන්න අවශ්‍ය කරන ලියකියැවිලි පවා හරිගස්සලා ඉවරලු‍. ඒ බව ආරංචි වෙච්ච ප්‍රවාහන අංශයෙ ලොක්කා දැන් දැන් කියන්න පටන් අරන් තියෙනවාලු‍ “හොඳයි යවලා බලමුකෝ... එහෙම කළොත් මම ආපහු උසාවියෙන් මෙතෙන්ටම එනවා”‍ කියල. මේ කතාව අහන් හිටපු තවත් ලොක්කෙක් ආණ්ඩුවෙ ඉහළම කෙනකුට මේ තොරතුරු දුන්නලු‍. ඒ සමඟ මෙයාගේ ගමන ඉක්මන් වෙන බවයි කියැවෙන්නේ.