බස්නාහිර පළාතේ මැංගුස්ටින්වලට ප්‍රසිද්ධ දිස්ත්‍රික්කයක විපක්ෂ දේශපාලන බලවතකුගෙ ආඩම්බරකාර වැඩ නිසා විපක්ෂයට දිනාගන්න තිබුණු පුංචි ආණ්ඩු තුන හතරකම බලය අහිමිවුණා කියලා කියැවෙනවා.
මේ බලවතා මුල්වරට මේ පාරයි මැතිසබේට ආවේ. උන්නැහේ අතමිට යහමින් තියෙන පොරක්. ඒ හින්දම දේශපාලනය පැත්තෙන් කරන්න බැරි දෙයක් නෑ කියලා හිතාගෙන ඉන්න කෙනෙක් කියලයි තතු දත් අය කියන්නේ. මේ උද්දච්චකම නිසා විපක්ෂයට වැඩිපුර හයිය තිබෙන පුංචි ආණ්ඩු සභාවල බලය ගන්න තිබුණු අවස්ථාව හබක් වුණා.
එහෙම වුණේ මෙයාගෙ ආඩම්බරකම නිසා අනිත් අය දෙකේ කොළේට දාලා වැඩ කරන්න ගිය නිසාලු. කොහොම හරි විපක්ෂයට බලය ගන්න තිබුණු සභා තුනක බලය අහිමි වෙන්න හේතුව මුන්නැහේට තිබුණු විරෝධය නිසා විපක්ෂයේ අනෙක් පක්ෂ ඡන්දෙ මග ඇරපු හින්ද කියලා ආරංචියි.