2025 ජුනි 28 වන සෙනසුරාදා

ලෙඩක්ලු

 2025 ජුනි 28 වන සෙනසුරාදා, ප.ව. 02:00 296

රටේ නීතිය ගැන ලොකු තීන්දු ගන්න උස මහත කෙනෙක් ගැන ආණ්ඩුවේ ඇතුළේ කසුකුසුවක්ලු‍. එයා හැමෝම එක්කම කාලා බීලා සතුටින් ඉන්න එක සමහර අයට ප්‍රශ්නයක්. එයාලගේ මාමලා, ලොකු අප්පොච්චිලාගේ දේශපාලන ගනුදෙනුත් මේ අයට ප්‍රශ්නයක් වෙලාලු‍. තැන් තැන්වල එහෙ මෙහේ කතා යනවලු‍.

කොහොම වුණත් මේ තනතුරට වෙන කෙනෙක් දැම්මොත් හොඳයි වගේ එකක් යෝජනා වෙනවලු‍. ඒ කෙනා පිටින් ගෙනල්ලා ඇතුළට අරන් දෙමු කියලයි කියන්නේ. කොහොම වුණත් මේ පට්ටම් හැමදාම නෑ කියලා තේරුම් කරලා තියෙන නිසා මේවා මාරු කරන්න ලේසි කියලත් ඒ අය හිතනවලු‍. ආණ්ඩුවේ අරටුව වගේ ඉන්න මේ කණ්ඩායම කාඩර් එක හැටියටලු‍ හඳුන්වන්නෙ.

 

 2025 ජුනි 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 21 වන සෙනසුරාදා, ප.ව. 02:00