2025 ජුනි 28 වන සෙනසුරාදා

තැන තැන කසුකුසු

 2025 ජුනි 28 වන සෙනසුරාදා, ප.ව. 02:00 304

විපක්ෂයේ ඉන්න එක්තරා නායකයෙක්ගෙ කෙරුවාව ගැන උන්නැහේලගේ පක්ෂයේ ඉන්න අයටම ලොකු කලකිරීමක් ඇතිවෙලා. ඒ හින්දා පක්ෂයෙ ඉන්න ලොකු අයයි පොඩි අයයි දෙගොල්ලම තැන් තැන්වලට වෙලා පක්ෂයේ අනාගතය ගැන රහසිගතව කතා පටන් අරන්ලු‍. මේ වැඩේ සභාවේම පත්තු කළේ ඌව පළාතේ මන්ත්‍රී සයිස් මහත්තයෙක්ලු‍. ඊට පස්සේ මේක දැන් තවත් අයත් කතා කරන්න පටන් අරන්ලු‍. ඒ අය විකල්පයක් සොයමින්ලු‍ ඉන්නෙ.

මේ බව ආරංචි වෙන්නත් කලින් ඉඳලාම විපක්ෂයේ ඉඳලා ටික කලක් දේශපාලනයෙන් ඈත්වෙලා හිටපු මහත්තයෙක් ගැන මේ අයගේ අවධානය යොමුවෙලා තියෙනවලු‍. අලියගෙ, පොහොට්ටුවේ, වගේම ටෙලිෆෝන් එකේ ඉන්න අයටත් මෙයා ගැන විශ්වාසය තියන්න පුළුවන් කියන මට්ටමක් ඇවිල්ලා කියල ආරංචියි. මේකට නිල නොවන සාකච්ඡා පවා පටන් අරන්ලු‍. කොහොම හරි ඉදිරි පළාත් සභා ඡන්දයට කලින් අලු‍ත් පක්ෂයක් අලු‍ත් නායකයෙක් යටතේ එන්න පුළුවන් කියලා මේ කතාබහට සම්බන්ධ අය කියනවා.

 

 2025 ජුනි 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 21 වන සෙනසුරාදා, ප.ව. 02:00