2025 ජුනි 21 වන සෙනසුරාදා

කුට්ටම අනනවලු

 2025 ජුනි 21 වන සෙනසුරාදා, ප.ව. 02:00 418

රටේ ලොකු තැන පහුගිය කාලෙම ආණ්ඩුව තමන්ගේ සහෝදරයන්ට නිදහසේ වැඩ කරගෙන යන්න ඉඩ දුන්නලු‍. ඒත් ලොකු තැන බලාපොරොත්තු වෙච්ච වැඩ ගොඩක් ඉක්මනින් ඉවර කරගන්න බැරි වුණාලු‍. ලොකු තැන මේ ගැන හොයලා බලද්දි සමහර තැන්වල වැඩ තවම මන්දගාමීලු‍.

කොහොම වුණත් ලොකු තැන මේ සම්බන්ධයෙන් ඉහළ සහෝදරවරු කිහිප දෙනෙක් එක්ක කතා කරලා තීරණයක් ගත්තලු‍ කෙළින්ම තමන්ම වැඩවලට අතදාලා හොයන්න.

මෙතැනින් පස්සේ සමහර අමාත්‍යාංශ ගැන ලොකු තැන ඍජුව හොයනවලු‍. ඒකට හේතුව අලු‍ත් දෙයක් තියා පරණ දූෂණ වංචා ගැනවත් සොයා බැලීමක් සිද්ධ කරලා නෑලු‍.

කොහොම වුණත් ඒ අයට දෙන්නේ මේ අවුරුද්ද විතරලු‍. වැඩේ නොවුණොත් ආණ්ඩුවේ කුට්ටම අනනවා කියලා කතා වෙලාලු.