2025 මැයි 31 වන සෙනසුරාදා

අරයා කවුද?

 2025 මැයි 31 වන සෙනසුරාදා, ප.ව. 02:00 497

කොළඹ නගර සභාවේ බලය අල්ලන්න ප්‍රධාන පක්ෂ ලොකු යුද්ධයක මේ වෙද්දි ඉන්නෙ. කොහොම වුණත් මේ යුද්ධයේදි ආණ්ඩුවේ බලය අල්ලන්න “පවර් බ්‍රෝකර්”‍ (බලය සඳහා තැරැවකරු) කෙනෙක් දැන් වැඩේට දාලලු‍ ඉන්නෙ.

මෙයා පොඩි චරිතයක් නෙමෙයි. කාලයක් ඔය නගර සභාවෙම ලොක්කා වෙලා හිටිය මෙයා ඊට පස්සේ ගෝඨගේ, රනිල්ගේ ආණ්ඩුවල පළාත් භාරවත් හිටිය කෙනෙක්. විශාල ව්‍යාපාරවලට උරුමකම් කියන මෙයා කාලයක් මාලිමා විරෝධියෙක් වෙලා දැන් එයා හිටිය සියලු‍ පක්ෂ ඉවතට දාල, මාලිමා හිතවාදියෙක් වෙලාලු‍ ඉන්නෙ. දැන් එයා ආණ්ඩුවේ ඇතුළේ ලොකු මෙහෙයුමක් කරනවලු‍.

මෙයාව දන්න අඳුරන අය කතා කරලා ඇහුවලු‍ “මචං මොකද මේ මාලිමාවට සපෝට් කරන්නෙ”‍ කියලා. එතකොට මෙයා කිව්වලු‍ “මට ඕන අරයව හලන්න”‍ කියලා. අරයා කවුද කියලා ඇහුවට එයා කවුද කියලා මෙයා කියන්නේ නෑලු‍.